48 ජාතික ක්‍රීඩා උලෙළේ ශූරතාව බස්නාහිරට

කොළඹ සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී ඊයේ නිමා වූ 48 වැනි ජාතික ක්‍රීඩා තර­ගා­ව­ලියේ සමස්ත ශූර­තාව දිනා ගැනී­මට බස්නා­හිර පළාත සමත් වුණා.

බස්නා­හිර ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ මෙවර තර­ගා­ව­ලි­යේදී රන් පද­ක්කම් 106ක්, රිදී පද­ක්කම් 82ක් සහ ලෝකඩ පද­ක්කම් 90ක් දිනා ගැනී­මට සමත් වූ අතර, මධ්‍යම පළාත අනු­ශූ­ර­තාව දිනා ගත්තේ රන් 45ක්, රිදී 47ක් සහ ලෝකඩ පද­ක්කම් 64ක් සමගින්.

දකුණු පළාත සහ වයඹ පළාත රන් පද­ක්කම් 37 බැගින් දිනා­ගත් අතර, රිදී පද­ක්කම් 42ක් සහ ලෝකඩ පද­ක්කම් 47ක් සමඟ තර­ගා­ව­ලියේ තෙවැනි ස්ථානය මධ්‍යම පළාත සතු වුණා.

තර­ගා­ව­ලියේ වේග­වත්ම ක්‍රීඩ­කයා වූ සබ­ර­ග­මුව පළාතේ චමෝද් යෝධ­සිංහ තත්පර 10.42කින් රන් පද­ක්කම දිනා­ගත් අතර, ඔහු තර­ගා­ව­ලියේ දක්ෂ­තම ක්‍රීඩ­කයා ලෙස සම්මාන ලැබීය.

මේ ඉස­වවේ මූලික වට­යේදී ඔහු නව තරග වාර්තා­වක් පිහි­ටු­වී­මට සමත් වූයේ තත්පර 10.27කින්.

දක්ෂ­තම ක්‍රීඩි­කාව ලෙස මධ්‍යම පළාතේ තරුෂි කරු­ණා­රත්න සම්මාන දිනා ගත් අතර, ඇය මීටර් 400 ඉස­ව්වේදී තත්පර 52.69කින් රන් පද­ක්කම දිනා ගත්තා.

ඌව පළාතේ ටී.ඒ. මුතු­කු­මා­රණ මීටර් 100 තත්පර 11.99කින් නිමා කර­මින් තර­ගා­ව­ලියේ වේග­වත්ම ක්‍රීඩි­කාව බවට පත් වූවා.

මෙවර තර­ගා­ව­ලි­යේදී නව තරග වාර්තා 9ක් සහ ජාතික කනිෂ්ඨ වාර්තා­වක් බිහි වීම කැපී පෙනුනා.

ඔලි­ම්පික් ක්‍රීඩා උලෙ­ළට සුදු­සු­කම් ලබා සිටින තරුෂ කරු­ණා­රත්න ඊයේ කාන්තා මීටර් 400 ඉස­ව්වට එක්වෙ­මින් රන් පද­ක්කම (මි. 52.69) දිනා­ගත් අතර, එහි රිදි පද­ක්කම නදීෂා රාම­නා­යක සතු වූයේ මිනිත්තු 53.56කිනි. ලෝකඩ පද­ක්කම ලක්ෂිකා මෙන්ඩිස්ට (බස්නා­හිර මි. 53.66) හිමි වුණා.

තර­ගා­ව­ලියේ අව­සන් ඉසව්ව බවට පත්වූ මීටර් 400 මිශ්‍ර සහාය ඉස­ව්වට වැඩි දෙ‍ෙන­කුගේ අව­ධා­න­යක් යොමුවූ අතර, එහිදී මේ මස අව­සා­නයේ ප්‍රංශ­යේදී පැවැ­ත්වෙන ඔලි­ම්පික් ක්‍රීඩා උලෙ­ළට සුදු­සු­කම් ලබා සිටින තරුෂි කරු­ණා­රත්න සමඟ අරුණ දර්ශන මධ්‍යම පළාත නියෝ­ජ­නය කර­මින් තරග වැදුණි. මෙහිදී මධ්‍යම පළාත රන් පද­ක්කම දිනා ගත්තේ මිනිත්තු 3:22.09කිනි. එහි රිදී පද­ක්කම වයඹ පළා­තට (මි. 3:24.06) සහ ලෝකඩ පද­ක්කම දකුණු පළා­තට (මි. 2:28.78) හිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *