මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.
ඒ් බංග්ලාදේශ කාන්තා පිල කඩුලු 7 කින් පරාජය කරමින්.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා පිල නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 111ක් රැස් කළා.
පන්දුයැවිමේදි උදේෂිකා ප්‍රබෝධනී සහ ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු දෙක බැගින් දවා ගත්තා.
ලකුණු 112ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා පිලට සාර්ථක අරම්භයක් ලබාදිමට නායිකා චමරි අතපත්තු සහ විෂ්මි ගුණරත්න සමත්වුණා.
චමරි අතපත්තු ලකුණු 12ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කාන්තා පිලට ජය මාවත විවර කර දුන් විශ්මි ගුණරත්න ලකුණු 51ක් සහ හර්ෂිතා මාධවී ලකුණු 33ක් රැස් කළා
ඒ් අනුව ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 17යි ඒක්පන්දුවක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියා.

