පැරිස් ඔලිම්පික් උළෙලට කොන්ඩම් ලක්ෂ 3ක්

පැරිස් ඔලිම්පික් උලෙළ ආරම්භ වීමට ඇත්තේ තවත් සතියකටත් අඩු කාලයක්.

එවන් පසුබිමක පැරිස් ඔලිම්පික් සංවිධායකයින් නිල නොවන 33 වැනි ක්‍රීඩාවකට සූදානම් වනවා.

ඔලිම්පික් උළෙලේ සංවිධායකයින් මේ වනවිට කොන්ඩම් ලක්ෂ 3ක් ඇණවුම් කර තිබෙනවා.

ප්‍රථමාධාර භාර ප්‍රංශ සංවිධායකයින් මාර්තු මාසයේදී ප්‍රකාශ කළේ පිරිමින් සඳහා කොන්ඩම් 200,000 ක්, කාන්තාවන් සඳහා 20,000 ක් ලබාදෙන බවයි.

පැරිස් ඔලිම්පික් උලෙළට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500ක් සහභාගි වීමට නියමිතයි.

ඒ අතරට ක්‍රීඩකයින් 5,250 ක් සහ ක්‍රීඩිකාවන් 5,250 ක් ඇතුලත්.

ඔලිම්පික් සංවිධායකයින් සඳහන් කළේ ඔවුන් ඇණවුම් කළ කොන්ඩම් ප්‍රමාණයට අනුව ඉසව් පැවැත්වෙන දින 17 පුරාවට එක් ක්‍රීඩකයෙකුට දිනකට කොන්ඩම් දෙකක් භාවිත කළ හැකි බවයි.

2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී කොන්ඩම් 160,000 ක් බෙදා දී තිබෙනවා.

2016 රියෝ ඔලිම්පික් උලෙළේදී බෙදා දී තිබූ කොන්ඩම් සංඛ්‍යාව 450,000ක්.

1988 සෝල් ඔලිම්පික් උලෙළේදී මෙලෙස කොන්ඩම් බෙදාදීම ආරම්භ කර ඇති අතර ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීමට මෙම පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *