49 වැනි සමස්ත ලංකා පාසල් පිහිනුම් ශූරතා තරගාවලියේ බාලිකා ශූරතාව වසර 24කට පසු දිනා ගැනීමට කොළඹ කාන්තා විද්‍යාලය ඉකුත් සමත්වුණා.
මෙවර තරගාවලියේදී 19 වැනි වරටත් බාලක ශූරතාව දිනා ගත්තේ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයයි.
49 වැනි සමස්ත ලංකා පාසල් පිහිනුම් ශූරතා තරගාවලිය ඉකුත්දා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදි පැවැත්වුණා.
මෙවර තරගාවලියට බාලිකා පාසල් 56ක් සහ බාලක පාසල් 58ක් නියෝජනය කරමින් සහභාගි වූ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව හයදහසක්.
බාලක පිහිනුම් තරග ඉසව් දාසයක් යටතේ පැවති එහි සමස්ත ශූරතාව දිනා ගත්තේ ලකුණු 449 ක් ලබාගත් මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයයි.
ඔවුන් එම ශූරතාව දිනා ගත් 19 වැනි අවස්ථාවද මෙය වන අතර බාලක අනුශූරතාව බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය විසින් දිනා ගනු ලැබුවා.
බාලිකා ශූරතාව කොළඹ කාන්තා විද්‍යාලය දිනා ගත් අතර ඔවුන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 397යි දශම 5ක්.
කොළඹ කාන්තා විද්‍යාලය මෙලෙස සමස්ත ලංකා පාසල් පිහිනුම් බාලිකා ශූරතාවක් දිනා ගත්තේ වසර 24කට පසුවයි.
බාලිකා අනුශූරතාව මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය විසින් දිනා ගනු ලැබුවා.
වයස අවුරුදු විස්සෙන් පහළ දක්ෂතම පිහිනුම් ක්‍රීඩකයා ලෙස බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ ක්‍රිස් පවිත්‍ර සම්මාන දිනා ගත් අතර දක්ෂතම පිහිනුම් ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ නවන්ජනා සෙනෙවිරත්නයි.
