ඔලිම්පික් ගිනිසිළු රැගෙන ගිය බේකරි නිෂ්පාදක තර්ෂන්

පැරිස් ඔලිම්පික් උලෙළේ ගිනිසිළුව පැරිස් නුවර වීථිවල මේ දිනවල රැගෙන යන අතර ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රංශයේ සම්මානනීය බේකරි නිෂ්පාදකයෙකු වන තර්ශන් සෙල්වරාජ් මහතාටද ඊයේ එම අවස්ථාව උදා වුණා.

තර්ශන් සෙල්වරාජ් ඉතිහාසගත වන්නේ ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පළමු පුද්ගලයා ලෙසයි.

2023 වසරේදී ඔහු ජනප්‍රියත්වයට පත් වූයේ ප්‍රංශයේ වාර්ෂිකව පවත්වන සාම්ප්‍රදායික බැගෙට් පාන් වර්ගය නිෂ්පාදනය කරන ප්‍රංශයේ හොඳම බේකරි නිෂ්පාදකයාට හිමි සම්මානය දිනා ගැනීමත් සමගයි.

මෙවර ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව පැරිස් නුවර වෙත රැගෙන ආ අතර ඊට පුද්ගලයින් 10000ක් සම්බන්ධ කර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *