ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් තවත් මිල කළ නොහැකි සමාජ සත්කාරයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝස දිනය වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රට තුළ පියයුරු පිළිකා පිළිබද දැනුවත් කිරීම සදහා අරමුදල් පරිත්‍යාග කිරීමේ වැඩ පිළීවෙළ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එල් පී එල් තරගාවලියේදී හයේ පහරක් සහ හ‍තරේ පහරක් හා කඩුල්ලක් දැවී යාම් වා්තා වන සෑම අවස්ථාවකදීම අදාළ අරමුණ වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

එක් හයේ පහර් සදහා රුපියල් 10000ක්ද හතරේ පහරක් සඳහා රුපියල් 4000ක් සහ කඩුල්ලක් සඳහා රුපියල් 6000ක් පරිත්‍යාග කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

මෙවර එල් පී එල් තරගාවලියේ අවසන් තරගය වන තෙක් මෙම පරිත්‍යාගය සිදු කිරීමට නියමිතයි.

පියයුරු පිළිකා පිළිබද දැනුවත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝස දිනය වැඩසටහන අද දිනයට යෙදී ඇති අතර ඒ වෙන‍ුවෙන් ක්‍රීඩකයින් රෝස පැහැයෙන් සැරසී අද තරග බිමට පිවිසීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *