මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ අවස්ථාව මලල ක්‍රීඩිකා නදීෂා ලේකම්ගේ සහ බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ පැවරී තිබෙනවා.
මේ බව අනාවරණය වූයේ ඔලිම්පික් නිවහනේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
මෙවර පැරිස් ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදෙනෙකු සහභාගි වීමට නියමිත අතර ඒ පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමක් අද ඔලිම්පික් නිවහනේදී පැවැත්වුණා.
ඒ අනුව මලල ක්‍රීඩා ඉසව් සඳහා නදීෂා දිල්හානි ලේකම්ගේ, තරුෂි කරුණාරත්න සහ අරුණ දර්ශන සහභාගි වන අතර බැඩ්මින්ටන් කේවල ඉසව්ව සඳහා විරේන් නෙත්තසිංහ සහභාගි වනවා.
වයිල් කාඩ් අවස්ථාව යටතේ පිහිනුම් ඉසව් සඳහා කයිල් අබේසිංහ සහ ගංගා සෙනෙවිරත්න සහභාගි වීමට නියමිතයි.
මෙවර පැරිස් ඔලිම්පික් උලෙලට බැඩ්මින්ටන් ඉසව්වෙන් එක්වන ලාබාලතම ක්‍රීඩකයා වන්නේ විරේන් නෙත්තසිංහයි.
පැරිස් ඔලිම්පික් උලෙලදී ශ්‍රී ලංකා ධජය රැගෙන යාම සඳහා විරේන් නෙත්තසිංහ සහ නදීෂා ලේකම්ගේ තේරාගෙන ඇති බවයි මෙම මාධ්‍ය හමුවේදී අනාවරණ වුණේ.
