ක්‍රිකට් ගැන අසත්‍ය පුවත් මැවූ රේවතට වැඩ වරදියි ?

නිමා වූ 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට ඒරෙහිව ශ්‍රී ලංකාව කණ්ඩායම ක්‍රීඩා කළ තරගයට පෙර දිනයේ රාත්‍රියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැඳී සිටි හෝටලයේ ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් මත්පැන් සාදයක් පවත්වා ඇති බවට සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇති පුවත පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒම නිවේදනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ ලිපියේ අන්තර්ගතය තම ආයතනය ප්‍රතික්ෂේප කරන බවයි
අදාළ පුවතෙයි වාර්තා කර ඇති පරිදි ඒවැනි සිදුවීම් කිසිවක් සිදුවී නොමැති බව තහවුරු කරන බවද එම නිවේදනයේ දැක්වෙනවා.

මෙම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය ගොතන ලද සහ පදනම් විරහිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට ආයතනය අදාළ නිවේදනයෙන් සදහන් කර ඇත්තේ.‌

මෙවැනි අසත්‍ය වාර්තා කිරීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඒහි නිලධරීන්ගේ සහ ක්‍රීඩකයින්ගේ කිරීත්නාමයට අසාධාරණ ලෙස හානි සිදු කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා.

ඒ අනුව ‘THE MORNINGS’ සති අන්ත පුවත්පතේ පළ වූ එම පදනම් විරහිත අසත්‍ය පුවත වාර්තා කළ රේවත නම් මාධ්‍යවේදියාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *