අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී විශිෂ්ට ජයග්රහණයක් වාර්තා කිරීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්යාලය සමත්වුණා.
ඒ කොළඹ තර්ස්ටන් විද්යාලය ලකුණු 112ට බින්දුවක් ලෙස පරාජය කරමින්.
අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ බම්බලපිටිය ශාන්ත පීතර විද්යාලය සහ කොළඹ තර්ස්ටන් විද්යාලය අතර තරගය ශෘන්ත පීතර විද්යාලයීය ක්රීඩාංගණයේදී පැවැත්වුණා.
තරගයේ ආරම්භයේ සිට ශාන්ත පීතර විද්යාලයීය ක්රීඩකයින් තරගයේ පාලනය සියතට ගනිමින් සුපිරි ක්රීඩා විලාශයක නිරක වුණා.
ඒ අනුව මෙම තරගය ලකුණු 112ට බින්දුවක් ලෙස පහසුවෙන් ජය ගැනීමට ශාන්ත පීතර විද්යාලය සමත්වුණා.
ඒ වාර්තාගත රග්බි ජයග්රහණයක් ලබමින්.
මෙම තරගයේදී තර්ස්ටන් විද්යාලයට කිසිදු ලකුණු රැස් කිරීමට නොහැකි වීම කැපී පෙනුනා.
ශාන්ත පීතර විද්යාලය සිය ලකුණු 112 රැස් කළේ උත්සහක දිනුම් 18ක් සහ ප්රවර්ථන 11ක් සමගින්.
