රුමේෂ් ඔලිම්පික් වරමකට ළංවෙයි

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතා තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ නව තරග වාර්තාවක් සමඟින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අද සමත්වුණා.

කාන්තා හෙල්ලය විසිකිරීම ඉසව්වට සහභාගී වු නදීශා දිල්හානි ලේකම්ගේ ද එහි ලෝකඩ පදක්කම අද දිනාගත්තා.

ආසියානු විසිකිරීමේ ශූරතා තරගාවලිය දකුණු කොරියාවේදී මේ දිනවල පැවැත්වෙන අතර ඒ සඳහා ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වී සිටිනවා.

පිරිමි හෙල්ලය විසිකිරීම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අද සහභාගි වූ අතර ඔහු එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්වුණා.

ඒ මීටර 85යි දශම 4යි5ක දක්ෂතාවක් වාර්තා කරමින්.

මෙම ඉසව්වේ ඔලිම්පික් පරිසාධන මට්ටම මීටර 85 යි දශම 5 ක් වූ අතර රුමේෂ්ට එය ගිලිවුණේ සෙන්ටිමීටර 5කින්.

රුමේෂ් අද දැක් වූ දක්ෂතාව නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ නව තරග වාර්තාවක් ලෙසටද සටහන් වූ අතර සුමේධ රණසිංහ එහි ලෝකඩ පදක්කම දිනා ගත්තා.

මේ අතර ආසියානු විසිකිරීමේ ශූරතා තරගාවලියේ කාන්තා හෙල්ලය විසිකිරීම ඉසව්වට සහභාගී වු නදීශා දිල්හානි ලේකම්ගේ එහි ලෝකඩ පදක්කම දිනාගත්තා.

ඒ මීටර 57යි දශම 9යි4ක දක්ෂතාවක් දක්වමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *