ශ්‍රී ලංකා පැසිපන්දුවට අමෙරිකානු ජවය

මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවති පැසිපන්දු වැඩමුළුවක් ඉකුත්දා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

මෙම වැඩමුළුව පැවැත්වුණේ අමෙරිකානු ජාතික පැසිපන්දු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවකගේ ප්‍රධානත්වයෙන්.

මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවති පැසිපන්දු වැඩමුළුවක් ඉකුත්දා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

අමෙරිකා ජාතික පැසිපන්දු කණ්ඩායම නියෝජනය කළ ස්ටීවන් හවාර්ට් සහ කාන්තා කණ්ඩායම නියෝජනවය කළ අස්තු න්ජායිගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්වුණා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ අම‍ෙරිකානු තානාපති ජුලි චං මහත්මියද එක්ව සිටියා.

මෙම පැසිපන්දු වැඩමුළුව ජුනි 8 වැනිදා සිට 14 වැනිදා පැවැත්වෙන අතර මෙය මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ මහජන රාජ්‍යතාන්ත්‍රික අංශය මගින් මෙහෙයවනු ලබනවා.

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති පුහුණු වැඩමුළුවට උතුරු, ඌව, නැගෙනහිර සහ බස්නාහිර යන පළාත් නියෝජනය කරමින් වයස් කාණ්ඩ කිහිපයක පැසිපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටියා.

මෙහිදී අමෙරිකා පැසිපන්දු නියෝජිතයින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ නියෝජතයින්ට සිය අත්දැකීම් බෙදාදුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *