ශ්‍රී ලංකා නේපාල තරගයට වැස්ස හරස් වෙයිද ?

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර මේ දක්වා පවත්වා ඇති එකම 20-20 තරගයේ ජය හිමිකර ගත්තේ ශ්‍රී ලංකාවයි.

මෙවර ලෝක කුසලානයේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීම පිළිබඳ යම්කිසි හෝ බලාපොරොත්තුවක් තබාගැනීමට නම් නේපාලය සමග හෙට පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාව අනිවාර්යයෙන් ජයගතයුතු වනවා.

ලෝක කුසලානය ආරම්භයට පෙර පැවති පුහුණු තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළේ හෙට තරගය පැවැත්වෙන ෆ්ලොරීඩා හි බ්‍රොවාඩ් කවුන්ටි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

ඊයේ පස්වරුවේ පැවති ශ්‍රී ලංකා පුහුණු සැසියටද වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එක් අවස්ථාවක ක්‍රීඩාංගණයේ අකුණු අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ව ක්‍රීඩාගාරය වෙත පිටත්කර යැවුණා.

හෙට තරගයටද වර්ෂාවෙන් බාධා එල්ල වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි එරට කාලගුණ විද්‍යා අංශ අනාවැකි පළ කර ඇත්තේ.

ශ්‍රී ලංකා – නේපාල තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 5ට ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *