බංගබන්දු කබඩි තරගාවලියේ අඛණ්ඩව සිය තුන්වැනි ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
ඒ ජපානය ලකුණු 44ට 22ක් ලෙස පරාජය කරමින්.
බංගබන්දු කුසලාන කබඩි තරගාවලිය මේ දිනවල බංග්ලාදේශයේදී පැවැත්වෙනවා.
තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර තරගය ඊයේ පැවැත්වුණා.
මෙම තරගයේදී සුපිරි ක්‍රීඩාවිලාශයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පළමු අර්ධයේදී ලකුණු19ට 11ක ලෙස පෙරමුණ ගැනීමට සමත්වුණා.
දෙවන අර්ධයේදි තවත් ලකුණු 25ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කබඩි ක්‍රීඩකයින් සමත් වූ අතර එම අර්ධයේදී ජපානය රැස් කළේ ලකුණු 11ක් පමණයි.
ඒ අනුව මෙම තරගය ලකුණු 44ට 22ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා කබඩි කණ්ඩායම මෙවර තරගාවලියේ අඛණ්ව තුන්වැනි ජය වාර්තා කිරීමට සමත්වුණා.

