තරුෂිගෙන් සුපිරි ධාවනයක් – අරුණටත් ජය

තායිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර 400 ඉසව්වේ ප්‍රථමස්ථානය හිමිකර ගැනීමට තරුෂි කරුණාරත්න ඊයේ සමත්වුණා

පිරිමි මීටර් 400 ඉසවේ ප්‍රථමස්ථානය හිමි වූයේද ශ්‍රී ලංකාව නියෝජනය කළ අරුණ දර්ශනටයි.

තායිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 400 ධාවන ඉසව්වේවේ අවසන් තරගය ඊයේ පැවති අතර ඊට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සහ නදීෂා රාමනායක සහභාගි වුණා.

තරුෂි පළමු මීටර 200 දී තරමක් පසුපසින් සිටියත් ඇය අවසන් මීටර දෙසියේදී සුපිරි ධාවනයක නිරතවෙමින් ප්‍රථම ස්ථානය දිනා ගැනිමට සමත්වුණා.

තරුෂිගේ තරග නිමි කාලය දැක්වු තත්පර 52යි දශම 4යි8ක් ලෙසයි.

තත්පර 53යි දශම9 යි 3කින් මෙම තරග ඉසව්ව නිම කළ නදීෂා රාමනායකට සිවුවැනි ස්ථානය දිනා ගත්තා.

මේ අතර පිරිමි මිටර 400 ධාවන ඉසව්වේ අවසන් තරගයද ඊයේ පැවති අතර ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන සහභාගි වුණා.

එම ඉසව්ව තත්පර 44යි දශම 2යි 2කින් නිම කළ අරුණ දර්ශන ප්‍රථම ස්ථානය දිනා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *