මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යාට තරග තහනමක් පනවා තිබෙනවා.
ඒ් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමග ඉකුත්දා පැවති තරගයේදී නියමිත කාලයේදී පන්දුවාර සංඛ්‍යාව ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන්.
මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය ලකුණු 18කින් ජය ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් වූ අතර මෙම පරාජයත් සමග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර අයි පී එල් තරග වාරයේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවෙමින් තරගාවලිය නිමාකළා.
කෙසේ වෙතත් මෙම තරගයේදී නායක හර්දික් පාන්ඩ්‍යා ප්‍රමුඛ මුම්බායි ක්‍රීඩකයින් නියමිත කාලයකට සිය පන්දුවාර ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් දඩ පැනවීමට තරග තීරකවරයා පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව නායක හර්දික් පාණ්ඩ්‍යාට ඉන්දීය රුපියල් ලක්ෂ 30ක දඩයක් හා එක් තරග තහනමක් පනවා තිබෙනවා.
කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට ද ඉන්දීය රුපියල් ලක්ෂ 12ක හෝ තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් නියම කෙරනු ඇති.
මෙම තරග තහනම හේතුවෙන් හර්දික් පාන්ඩ්‍යාට ලබන වසරේ පැවැත්වෙන අයි පී එල් තරගාවලියේ සිය පළමු තරගය අහිමිවනු ඇති.
අවස්ථා 05ක දී අයි.පී.එල් ශූරයින් වූ මුම්බායි ඉන්දියන් කණ්ඩායමට මෙවර තරග වාරයේදී තරග 14න් ජය ගත්තේ තරග 4ක් පමණයි.
