2024 පැරිස් ඔලිම්පික් උලෙළ සඳහා සාම්ප්‍රදායිකව ඔලිම්පික් පන්දම දැල්වීම ග්‍රීසියේ ඓතිහාසික ඔලිම්පික් උයනේදී පසුගියදා සිදුකෙරුණා.
පැරිස් ඔලිම්පික් උලෙළ ජුලි 26 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
2024 පැරිස් ඔලිම්පික් උලෙළ සඳහා වසර 7ක් තිස්සේ පැවති සුදානම් වීමේ උත්කර්ශවත් අවස්ථාව සනිටුහන් කරමින් ඔලිම්පික් පන්දම දැල්වීම ග්‍රීසියේ ඓතිහාසික ඔලිම්පික් උයනේදී පසුගියදා සිදුකෙරුණා.
එහිදි ප්‍රධාන පුජකවරියගේ කාර්යභාර්යය ඉටුකරමින් ග්‍රීක රංගන ශිල්පිනි මේරි මීනා ඔලිම්පික් පන්දම දැල්වීමට ලිනි උදුනක් උපයෝගි කරගත්තේ සුර්යාලෝකයෙන් එය දැල්වීමට අහසකුස වලාකුලෙන් බරවීම නිසා වෙනි.
පැරිස් ඔලිම්පික් උලෙළේ පන්දමට දැල්වීමට සනිටුහන් කරමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තොමස් බාහ් ප්‍රකාශ කළේ යුද ගැටුම් සහ වෛරය පැතිරෙන ලෝකයේ විවිධ ජාතින් එක්ව බැඳ තබන බලාපොරොත්තුවේ ආලෝකයන් ඔලිම්පික් පහන් සිලෙන් සංකේතවත් වන බවයි.
1896 වසරේ පැවති නුතන යුගයේ සමාරම්භක ඔලිම්පික් උලෙළට කේන්ද්‍ර වු අතෑන්ස් නුවර පැනනෙනයික් ක්‍රීඩාංගණයේදී මෙම පන්දම පැරිස් ඔලිම්පික් උලෙළ සංවිධායකයින්ට අප්‍රේල් 26 වැනිදා භාරදෙන්නේ දින් 11ක් තිස්සේ එය ග්‍රීසිය පුරා රැගෙනයාමෙන් අනතුරුවයි.
ඉන්පසු එය බෙලෙම් නැමති රුවල් යාත්‍රාව මඟින් ලබන මැයි 8 වැනිදා වන විට ප්‍රංශයේ මාසෙල් වෙත රැගෙන යාමට නියමිතයි.
දකුණු දිග ප්‍රංශයේ පැරණි වාරායන් 4ක් වන එහි පැවැත්වෙන ඔලිම්පික් පහන්සිල පිලිගැනීමේ උත්සවයට 150 000ක පමණ පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
1900සහ 1924 ඔලිම්පික් උලෙළ පැවති ප්‍රංශයේ පැරිස් පුරවරයේ මෙවර පැරිස් ගිම්හාන ඔලිම්පික් උලෙළ පැවැත්වෙන්නේ තුන්වැනි වතාවටයි.
පැරිස් ඔලිම්පික් උලෙළ ආරම්භය යෙදී ඇත්තේ ජුලි 26 වැනිදාටයි.
