14 හැවිරිදි මොනරාගල බට්ටි ශ්‍රී ලංකාව දිනවයි

වයස අවුරුදු 19න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහිව ලකුණු 108ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් අද සමත්වුණා.

මෙම තරගයේදී 14 හැවිරිදි චමෝදි ප්‍රබෝධා ලකුණු 42කට කඩුලු 5ක් දවා ගැනීම කාගේත් වැඩි අවධානයට ලක්වුණා.

ගාල්ලේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 4කදී සියලු දෙනා දැවී ලකුණු 226ක් රැස් කළා.

රශ්මිකා සෙව්වන්දි ලකුණු 59යි.

ලකුණු 227ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත යොවුන් ක්‍රීඩිකාවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වුණා.

ඒ අනුව එංගලන්ත පිලට පන්දුවාර 23යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 118ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකාව තරගය ජයගත්තේ ලකුණු 108කින්.

සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් එංගලන්ත යොවුන් ඉනිම සුනු විසුණු කළ චමෝදි ප්‍රබෝධා ලකුණු 42කට කඩුලු 5ක් බිඳදැමීම විශේෂත්වයක්.

14 හැවිරිදි ඇය මොරණරාගල පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ ක්‍රීඩිකාවක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *