හිටපු ලොව අංක එකේ ටෙනිස් ක්රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියට ක්රීඩා කරන බව ඊයේ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් තහවුරු කළා..
නඩාල් ටෙනිස් තරගාවලියක් වෙනුවෙන් ක්රීඩා කරන්නේ වසරකට අධික කාලයකට පසුවයි.
ග්රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 22ක් ජයගෙන ඇති නඩාල් මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්රධාන ග්රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා වෙනුවෙන් ක්රීඩා කරන බව තහවුරු කළත් ඔහුගේෙ ආබාධ තත්වය සුව නොවීම නිසා ඒ තරග වලින් ඉවත්වීමට ඔහුට සිදුවුණා.
අවසන් වරට පසුගිය වසරේ පැවති ඔස්ට්රේලියා විවෘත ටෙනිස් ශූරතාවට සහභාගීවූ නඩාල් ඉන්පසු ටෙනිස් පිටියට පිවිසියේ නැහැ.
නඩාල් මෙම වසරේදී බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියෙන් නැවතත් ටෙනිස් පිටියට පිවිසෙන අතර ඔහු ස්භාවික ටෙනිස් පිටියක තරගයක් ක්රීඩා කරන්නේ වසර එක හමාරකට පමණ පසුවයි.
ඔහු අවසන් වරට ස්භාවික ටෙනිස් පිටියක ටෙනිස් තරගයක් ක්රීඩා කළේ 2022 වසරේ පැවති ප්රංශ විවෘත ටෙනිස් ශූරතාවයි.
ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් බාසිලෝනා විවෘත ටෙනිස් ශූරතා 12ක් ජයග්රහණය කර තිබෙනවා.
නඩාල් පවසන්නේ 2024 තරග වාරයෙන් පසුව ඔහු ටෙනිස් පිටියෙන් සමුගන්නා බවත්,ඉන් ඉදිරියටත් ප්රංශ විවෘත ටෙනිස් තරගාවලියට ක්රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසුවන බවයි.
මෙවර බාසිලෝනා ටෙනිස් තරගයේදි නඩාල්ගේ ප්රතිවාදියා වන්නේ 21 හැවිරිදි ඉතාලි ක්රීඩකයෙක්.
