ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරිරික යෝග්‍යතා සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස රන්දීර් රොද්‍රිෙගා් මහතා ඉකුත් නිතරගයෙන් තේරී පත්වුණා.
නිලවරණය ඉකුත් දා පැවැත්වුණේ ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදියි.
ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී ඉකුත්දා පැවැති අතර දිස්ත්‍රික් සංගම් 10ක් නිලවරණයේදී ඡන්දය භාවිත කිරීමට සූදානමින් සිටියා.
ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සියලු තනතුරු නිතරගයෙන් පත්වූ අතර හිටපු සභාපති කපිල කුමාර මහතා වසර 16කට පසු එම සම්මේලනයේ ප්‍රධාන තනතුරකට පත්වීම විශේෂත්වයක්.
කපිල කුමාර මහතා සමග ලේකම් තනතුරට තරග කළ කේ. එම්. ඩී. සිල්වා මහතා අවසන් මොහොතේ ඉල්ලා අස්වීම හේතුවෙන් කපිල කුමාර මහතා නිතරගයෙන් ලේකම් ධූරයට තේරී පත්වුණා.
මෙවර ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ සභාපති තනතුරට එල්ලේ සංගමයේ හිටපු ලේකම් රන්දීර් රුද්‍රිගූ මහතා නිතරගයෙන් තේරී පත්වුණා.
