රොෂාන්ගේ අතුරු කමිටු සාමාජිකයාට ස්ත්‍රී දූෂණ චෝදනා

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත් කළ ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයෙකු වූ හිෂාම් ජමාල්ඩීන්ට ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා.

මේ වන විට පොලීසිය ඔහු සොයාමින් සිටින අතර ජමාල්ඩීන් මේ වන විට සැඟව සිටින බවයි වාර්තා වන්නේ.
ක්‍රිකට් නිලධාරීන් දූෂිතයි කියමින් අතුරු පාලක කමිටුවක් පත් කිරීමට රොෂාන් ක්‍රීඩා ඇමතිවරයා එවක පියවර ගත්තේ ක්‍රිකට් පිරිසිදු කරන බව පවසමින්.

නමුත් දැන් දැන් කලඑළි බසිමින් ඇති සිද්ධි අනුව විකෘති මානසික ආබාධවලින් පෙළෙන පුද්ගලයින් ක්‍රිකට් අතුරු කමිටුවට පත් කිරීමට රොෂාන් රණසිංහ පියවර ගත්තේ කුමන චේතනාවකින්ද යන්න ගැටලු සහගත තත්වයක්.

මෙවැනි දූෂිත පුද්ගලයින් ක්‍රීඩාව කරවන ස්ථානවලට යොමු කිරීමෙන් ක්‍රීඩිකාවන්ට බිල්ලට යාමට ඉඩ තිබූ අතර ජනාධිපතිවරයා එදා අතුරු කමිටු ඉවත් කිරීමට ගත් පියවර යහපත් බව දැන් සියල්ලන්ටම වැටහී ගොස් අවසන්.

තවදුරටත් මෙවැනි පුද්ගලයින් ක්‍රීඩා සංගම්වලට උඩින් පාත් කිරීමට පෙර වරක් නොව දෙවරක් සිතා බැලීම සිදු කළ යුතුමය.

ජමාල්ඩීන් කියන මෙම පුද්ලලයා මෙරට ප්‍රකට ව්‍යාපාරයෙකු වන ධම්මික පෙරේරාගේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂ මණ්ඩලයේද සිටින අතර මෙම ස්ත්‍රී දූෂණ චෝදනාව ධම්මිකගේ කීර්ති නාමයට මරු පහරක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *