හිටපු ක්රීඩා අමාත්ය නාමල් රාජපක්ෂ, ක්වායිස් අබ්දුල්ලා, අසංග සෙනෙවිරත්න, ලසිත ගුණරත්න, ඩිල්රෝ ප්රනාන්දු මේ සියලු දෙනා ශ්රී ලංකා රග්බ විනාශ කළ බව නොරහසක්.
මෙම පුද්ගලයින් පිරිස මෙරට රග්බි ක්රීඩාව විනාශ මුඛයට ඇද දැමූ ඩීල්කරුවන් වන අතර
ඔවුන්ට එරෙහිව වත්මන් ක්රීඩා අමාත්යවරයා කරුණු සොයා බලා නීතිය ක්රියාත්මක කරනු ඇති බව
රග්බි ක්රීඩාවට හිතැති සියල්ලන්ගේමේ අපේක්ෂාවයි.
නාමල් රාජපක්ෂ රජයට සහ ක්රීඩා අමාත්යාංශයට ශ්රී ලංකාවේ රග්බි ක්රීඩාව පවත්වාගෙන යාම සඳහා උපදේශක කමිටුවක් පත් කිරීමට අසංග සෙනෙවිරත්න සභාපති ලෙසත් ඩිල්රෝයි ප්රනාන්දු ලේකම් ලෙසත් පත් කිරීමට නිර්දේශ කිරීම ශ්රී ලංකා රග්බි සභාව ප්රතික්ෂේප කර ඇති අතර ක්වායිස් අබ්දුල්ලා ශ්රී ලංකාවට පැමිණ ශ්රී ලංකා රග්බියට සහය දෙන මුවාවෙන්, නාමල් රාජපක්ෂගේ සහ අසංග සෙනිවිරත්නගේ සහාය ඇතිව ශ්රී ලංකා රග්බි ඩයලොග් අනුග්රහය පැහැර ගැනීමට කටයුතු කළ බව කවුරුත් දන්නා රහසක්.
නාමල් රාජපක්ෂ සහ අසංග සෙනෙවිරත්නගේ අනුදැනුම මත කිසිදු හේතුවක් නොමැතිව ශ්රී ලංකා රග්බි සඳහා ආසියානු රග්බි තහනමක් පැනවීම මෙරට රග්බි ක්රීඩාවේ මලගම උදා වීමේ පළමු පියවර ගෙන සැලකෙනවා.
රග්බි ක්රීඩකයෙක් නොවන ආසියා රිග්බි ප්රධානී කවායිස් අබ්දුල්ලා කැන්ගරු විලාසයෙන් නිසි පරීක්ෂණයකින් තොරව ශ්රී ලංකා රග්බි සභාපතිවරයාගේ වැඩ තහනම් කළේ කැකිල්ලේ නඩු තීනදුවක් ප්රකාශ කරමින්.
2022 සිට 2023 දක්වා ශ්රී ලංකා රග්බි ධජය යටතේ කිසිදු ජාත්යන්තර තරඟාවලියකට සහභාගී වීමට අපගේ ක්රීඩකයින්ට අවස්ථාව ලබා නොදී ක්වායිස් අබ්දුල්ලා ශ්රී ලංකා රග්බි ජාත්යන්තර වශයෙන් විනාශ කළේ නාමල්ලා සමග ඩීල් දමමින්.
ශ්රී ලංකා පාසල්වලට බලහත්කාරයෙන් ඇතුල් වී අනුග්රහකයන් ඉවත් කළ මේ සහචරයන් ශ්රී ලංකාවේ වසර 10ක පාසල් රග්බි ව්යුහය විනාශ කර දමා තිබෙනවා.
ක්වායිස් අබ්දුල්ලා වහාම අත්අඩංගුවට ගත යුතු අතර ඔහුට එරෙහිව සියලු චෝදනා විභාග කිරීම වත්මන් ක්රීඩා අමාත්ය හරීන් ප්රනාන්දු මහතාගේ ප්රමුඛ වගකීමක් නොවන්නේද
