ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක පෙබරවාරි මස ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිරේදේශ වී තිබෙනවා.
ඒ ඇෆ්ගනිස්තාන තරගාවලියේදී ඔහු පිත්තෙන් දැක් වූ දස්කම් හේතුවෙන්.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සෑම මාසයකම දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා නම් කරන අතර ඒ අනුව පෙබරවාරි මාසය සඳහා නිරේදේශ වූ ක්‍රීඩකයින් තිදෙනා අද ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව පෙබරවාරි මාසයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී ඇත්තේ ඉන්දීය පිතිකරු යශස්වි ජයිස්වාල් , ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිස්සංක සහ නවසීලන්ත නායක කේන් විලියම්සන්.
පැතුම් නිස්සංක ඇෆ්ගනිස්තාන පිල සමග පැවැති පළමු එක්දින තරගයේදී පන්දු 139කදී නොදැවී ලකුණු 210ක් රැස් කිරීම සමත් වූ අතර එම දක්ෂතාව මත පැතුම් නිස්සංක පෙබරවාරි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා.
25 හැවිරිදි පැතුම් මෙම තරගයේදී වාර්තා අතරට එක් වූයේ එක්දින තරගයකදී ද්විත්ව ශතකය වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසයි.
ඉන්දියාවට එරෙහිව සනත් ජයසූරිය විසින් වසර 24කට පෙර ලකුණු 189ක් රැස් කරමින් තැබූ වාර්තාව සනත් ඉදිරියේදී බිඳ හෙලීමට පැතුම් නිස්සංකට මෙහිදී හැකියාව ලැබුණා.
