රග්බි වැනසූ නාමල්, රොෂාන්, ලසිත, අසංගට හරීන්ගෙන් කනේ පහරක්

බස්නාහිරට සහ ඌවට යළිත් රග්බි වරම් ලබාදෙමින් මෙරට රග්බි ක්ෂේත්‍රයේ අර්බුද රැසක් නිර්මාණය කළ හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ, රොෂාන් රණසිංහ සහ රග්බි සංගමයේ හිටපු සභාපතිවරුන් වන ලසිත ගුණරත්න සහ අසංග සෙනෙවිරත්න එක් වූ ගත් තීරණයක් යළි රිවස් කිරිමට වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුු මහතා පියවර ගෙන තිබෙනවා.

ඒ හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ පාලන සමයේදී බස්නාහිර සහ ඌව රග්බි සංගම් වෙත වාරණයක් පැනවීමට කටයුතු කර තිබූ අතර එම වාරණය අධිකරණය විසින් ඉවත් කිරීමට පියවර ගැනීමත් සමගයි.

ඒ අනුව අතීත සිදුවීම් සියල්ල අධ්‍යයන කළ වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඌව සහ බස්වාහිර රග්බි සංගම් නැවතත් ශ්‍රී ලංකා රගර් කේෂ්ත්‍රයේ ස්ථාපනය කරන ලෙස කළ ඉල්ලීමට සතුටුදායක පිළිතුරුක් අධිකරණ විසින් මේ වන විට ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා රගර් සභාපති ලෙස මේ මොහොතේ වැඩ බලන සභාපතිවරයා වෙත ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිපියක් යොමු කරමින් නියෝග කර ඇත්තේ එම රග්බි සංගම් දෙක නැවත ස්ථාපනය කිරීමට කටයුතු කරන ලෙසයි.

පෙබරවාර 22 වන දා මෙම ලිපිය මගින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝගය දැණුම් දෙමින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩ බලන රගර් සභාපතිවරයාට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *