ශ්‍රී ලංකා 20-20 පිල දිවයිනෙන් පිටත්ව යයි

ශ්‍රී ලංකා පිල බංග්ලාදේශ සංචාරයේදී 20-20 තරග 3කට, එක්දින තරග 3කට සහ ටෙස්ට් තරග 2කට සහභාගිවීම නියමිතව තිබෙනවා.

ඒ අනුව මාර්තු 4 වැනිදා ආරම්භ වන 20-20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

20 – 20 නිත්‍ය නායක වනිඳු හසරංගට තරග දෙකක තහනමක් පැනවීම හේතුවෙන් පළමු තරග දෙක සඳහා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමි වී ඇත්තේ චරිත් අසලංකටයි.

පැතුම් නිස්සංක වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට අවිශ්ක ප්‍රනාන්දු කැඳවා ඇති අතර වනිඳු වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට නම්කර තිබෙනවා.

20-20 සංචිතයට ඇතුළත්ව සිටි කුසල් ජනිත් පෙරේරා උණ රෝගී තත්වයක් හේතුවෙන් බංග්ලාදේශය බලා අද පිටත්ව නොගිය අතර ඔහුට 20-20 තරගාවලිය අහිමිවනු ඇති බවයි වාර්තා වන්නේ

කුසල් ජනිත් වෙනුවට නිරෝෂන් දික්වැල්ල 20-20 සංචිතයට ආදේශ කරනු ඇති බවද වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *