20-20 වේගවත් ශතකය යළි අලුත් වෙයි

ජාත්‍යන්තර 20-20 පිටියේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට නැමීබියා ක්‍රීඩකයෙකු අද සමත්වුණා.

ඒ නේපාලයේ පැවැත්වෙන තුන්කොන් 20-20 තරගාවලියේදී නේපාල කණ්ඩායමට එරෙහිවයි.

නෙදර්ලන්තය, නැමීබියාව සහ සත්කාරක නේපාල කණ්ඩායමේ සත්කාරකත්වයෙන් තුන්කොන් 20-20 තරගාවලියක් අද නේපාලයේදී ආරම්භ වුණා.

පළමු තරගය නේපාලය සහ නැමිබීයාව අතර අද පැවැති අතර එහිදී ජාත්‍යන්තර පන්දුවාර 20-20 පිටියේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට නැමීබියාවේ ජෑන් නිකොල් ලොෆ්ටිඊට්න් සමත්වුණා.

ඔහු ඒ සඳහා වැය කළේ පන්දු 33ක් පමණයි.

ලොෆ්ටිඊට්න්ගේ ඉනිම හයේ පහර 8ක් සහ හතරේ පහර 11ක් ඇතුළත්.

මීට පෙර පන්දු 34කදී 20-20 පිටියේ වේගවත්ම ශතකය වාර්තා කරමින් එම වාර්තාවට හිමිකම් කීවේ නේපාලයේ කුෂාල් මල්ලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *