2024 පැරිස් ඔලිම්පික් උලළේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පිරිනැමෙන පදක්කම් ඊයේ එළි දැක්වූවා.
ප්‍රංශයේ සුප්‍රසිද්ධ අයිෆල් කුළුන ප්‍රතිසංස්කරණයේදී ඉවත දැමූ ලෝහ යොදාගනිමින් මෙම පදක්කම් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
2024 පැරිස් ඔලිම්පික් උලෙළේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පිරිනැමෙන පදක්කම් ඊයේ එළි දැක්වූවා.
මෙම පදක්කම් නිර්මාණය කර ඇත්තේ ස්වර්ණාභරණ වෙළෙඳ ආයතනයක් වන ෂූමේ ආයතනය විසින්.
ප්‍රංශයේ සුප්‍රසිද්ධ අයිෆල් කුළුන ප්‍රතිසංස්කරණයේදී ඉවත දැමූ ලෝහ යොදාගනිමින් මෙම පදක්කම් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
මෙලෙස පදක්කම් නිර්මාණය සඳහා යොදාගත් අයිෆල් කුළුණෙන් ඉවත දැමූ ලෝහ වසර ගණනාවක් ඉතා රහසිගතව ගබඩාකර තිබූ ඒවා බවයි එහි නිර්මාණකරුවන් පවසන්නේ.
එම පදක්කමේ ග්‍රෑම් 18 ප්‍රමාණයක් ෂඩාස්රාකාර කොටසකින් අලංකාර වී තිබෙන්නේ මේ ආකාරයෙන්.
නැට්
පදක්කම් පිටුපස ග්‍රීක ජයග්‍රහණයේ දේවතාවිය වන නයික් පිළිබිඹු වන ආකාරයට නිර්මාණය කර ඇති අතර එහි පසුපස අයිෆල් කුළුන ද නිරූපණය කර තිබෙනවා.
මෙවර පැරිස් ඔලිම්පික් උලෙළ වෙනුවෙන් පදක්කම් 5000කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

