බුම්රාගෙන් ඉතිහාසගත පිම්මක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රාට හිමිව තිබෙනවා.

ඉන්දියාවේ වේග පන්දු යවන්නෙක් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානනයට පත්වු පළමු අවස්ථාව මෙයයි.

මීට පෙර 1979 වසරේදී කපිල් දේව් ICC පන්දු යවන්නන්ගේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට පත්ව සිටියා.

ඒ සමඟ බුම්රා වාර්තා අතරට එක්වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආකෘති තුනෙන්ම අංක එකේ පන්දු යවන්නා බවට පත්වූ පළමු ක්‍රීඩකයා ලෙසයි.

මේ අතර බුම්රා ඊයේ සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවට අපූරු ඡායාරූපයක් එක් කර තිබුණා

එහි දැක්වුණේ තමන්ට ක්‍රීඩාවේදී උපකාර කළ පිරිස සහ සාර්ථකත්වයේදී සුභ පතන පිරිස අතර වෙනසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *