අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සී එච් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 32ට 24ක් ලෙස ජය ගැනීමට මහනුවර කණ්ඩායම ඊයේ සමත්වුණා.
තරගය පැවැත්වුණේ කොළඹ තුරඟ තරග පිටියේදීයි.
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 8වන සති අන්තයේ තවත් තරගයක් මහනුවර කණ්ඩායම සහ CH කණ්ඩායම අතර කොළඹ තුරග තරඟ පිටියේදී ඊයේ පැවැත්වුණා.
පළමු අර්ධය නිමා වන විට ලකුණු 18ට 12ක් ලෙස CH කණ්ඩායම පෙරමුණ ගෙන සිටියා.
කෙසේ වෙතත් දෙවන අර්ධයේදී සුපිරි ක්‍රීඩා විලාශයක නිරත වූ මහනුවර ක්‍රීඩකයින් එම අර්ධයේදී ලකුණු 20ක් රැස් කළ අතර සී එච් කණ්ඩායම රැස් කළේ ලකුණු 6ක් පමණයි.
ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 32කට 24ක් ලෙස ජය හිමිකර ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වුණා.
උත්සාහක දිනුම් හතරක් ප්‍රවර්තන තුනක් සහ දඬුවම් පහර දෙකක් සමගින් ලකුණු 32ක රැස් කළා.
සී. එච් කණ්ඩායමේ ලකුණු විසි හතර ලබා ගත්තේ උත්සාහක දිනුම් දෙකක් ප්‍රවර්තන එකක් සහ දඬුවම් පහර දෙකක් සමගින්.
