බංග්ලාදේශයේ පැවති වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් 20-20 තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත්වුණා.
ඒ අවසන් මහා තරගයේදී සත්කාරක බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 36කින් පරාජය කරමින්.
පාකිස්තාන, බංග්ලාදේශ සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් මෙම තුන්කොන් 20-20 තරගාවලිය බංග්ලාදේශයේදී පැවැත්වුණා.
එහිදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් මහ තරගයේදි ලකුණු 36කින් බංග්ලාදේශය පරාජය කරමින් ශූරතාව දිනා ගත්තා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දි කඩුලු 3ක් දැවී ලකුණු 148ක් රැස් කළ අතර නෙත්මි සේනාරත්න නොදැවි ලකුණු 66ක් සහ දෙව්මි විජේරත්න ලකුණු 49ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20දි කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 112ක් පමණයි.



