අඛණ්ඩව දෙවන වරටත් ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් කිරුළ දිනා ගැනීමට බෙලරුසියාවේ අරීනා සබලෙන්කා ඊයේ සමත්වුණා.
ඒ කාන්තා කේවල අවසන් මහා තරගයේදි චීනයේ ශෙන් ෂින්වෙන් වට 2ට බින්දුවක් ලෙස පරාජය කරමින්.
ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අවසන් තරගය පැවැත්වුණේ ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවන බෙලරුසියාවේ අරීනා සබලෙන්කා සහ එම සටහනේ 15 වැනි ස්ථානයේ පසුවන චීනයේ ශෙන් ෂින්වෙන් අතරයි.
පැය එකහමාරක් පුරා පැවති මෙම තරගයේ පළමු වටය 6ට 3ක් ලෙස ජය ගැනීමට අරීනා සබලෙන්කා සමත්වුණා.
දෙවන වටයද 6ට 2ක් ලෙස පහසුවෙන් ජයගත් අරීනා සබලෙන්කා අවසන් මහා තරගය වට 2ට බින්දුවක් ලෙස ජය ගත්තා.
ඒ අනුව අඛණ්ඩව දෙවන වරටත් ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් කිරුළ දිනා ගැනීමට බෙලරුසියාවේ අරීනා සබලෙන්කා සමත් වුණේ සිය දෙවන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව සිය දෝතට ගනිමින්.
