ක්‍රිකට් තහකම ඉදිරි දින කිහිපයේදී ඉවතට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා තිබෙන තහනම ඉදිරි දින කිහිපය තුළදී ඉවත් කරනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විශ්වාසය පළ කරනවා.

මෑතකාලීනව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට බලපෑ කැලඹිලි සහිත කාල පරිච්ඡේදයකින් පසු අමාත්‍යවරයා මෙම සහතිකයක් ලබා දී තිබුණේ වත්තල ප්‍රදේශයේ මාධ්‍යවේදීන් අමතමින්.

ක්‍රීඩා පරිපාලනයට රජයේ මැදිහත්වීම් හේතුවෙන් 2023 නොවැම්බර් මාසයේදී ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවනු ලැබුවා.

මේ මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණි ICC යේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් ඇතුළු එහි නිලධාරීන් සමඟ මෑතකාලීනව සිදුකළ සාකච්ඡා ද පදනම් කරගනිමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ.

ICC සමඟ සාකච්ඡා ‘ඵලදායක’ වූ බවත් මෙහි ගැටළු විසඳීමේ ප්‍රගතිය පිළිබඳව එම නියෝජිත පිරිස සෑහීමකට පත් වූ බව පෙනී‍ගිය බවත් අමාත්‍යවරයාට පැවසුවා.

වාර්ෂික ICC සමුළුවේ සත්කාරකත්වය සහ වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය ශ්‍රී ලංකාවට අහිමි වීමත් සමඟ මෙම තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ආර්ථික වශයෙන් සැලකිය යුතු පහරක් එල්ල කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *