සජිත්ගේ GALLE TITANS හිමිකාර ඥාතියාගෙන් තවත් මගඩි වැඩක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අද තීරණය කළා.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසුවේ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදුන් බවයි.

කෙසේ වෙතත් චමින්ද විජේසිරි සිය පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වීම පිටුපස මුදල් ගණුදෙනුවක් සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් මන්ත්‍රි ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය මැතිවරණ කොමිසමට දැනුම්දුන් බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව අද නිවේදනය කළා.

ඒ අනුව හිස්වූ මන්ත්‍රිධුරයට පත්වීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ මීළඟට වැඩිම මනාප සංඛ්‍යාවක් හිමිකරගෙන සිටින්නේ නයන වාසලතිලක මහතායි.

ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කරන ඔහු ඉකුත් වසරේ පැවති ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ හිමිකාරිත්වයද දරනවා.

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳගේ ඥාතියෙකු වන නයන වාසලතිලක සහ චමින්ද විජේසිරි අතර සිදු වූ මුදල් ගනුදෙනුවක් මත චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වනනේ.

සිය මන්ත්‍රී ධුරය චමින්ද විජේසිරි විසින් විශාල මුදලකට අලෙවි කර ඇති බවද වාර්තා වනවා.

LPL තරගාවලියේ ගෝල්ටයිටන්ස් කණ්ඩායමේ හිමිකරුවා වූ නයන වාසලතිලක තරග පාවාදීමේ චෝදනාවකට හසු වූ අතර මෙරටට පැමිණි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධි ඒකකයේ නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රශ්න කිරීම්ද සිදු කළා.

නයන වාසලතිලක මේ වන විට මුදල්වලට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය මිලදී ගෙන ඇති අතර ඔහු සජිත් ප්‍රේමදාසගේ බිරිඳගේ ඥාතියෙකු වීම නිසාවෙන් ඔහුට පක්ෂයේදී ඉහළ තනතුරක් හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *