ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා.
මේ අතර, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් මහතා හමු වුණා.
සිය X ගිණුමේ සටහනක් තබමින් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු පිළිබඳ ඵලදායී සාකච්ඡාවක් සිදු කළ බවයි.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කර ගැනිම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර ඒ පිළිබද සුබවාදී බලාපොරාත්තුවක් එක්කර ඇති බවයි වාර්තා වන්නේ.
