කොළඹ සහිරා විද්‍යාලය සංවිධානය කළ සහිරා 16 පාපන්දු තරගාවලිය කොළඹ තුරඟ තරඟ පිටියේදී නිමාවට පත්වුණා. සහිරා විද්‍යාලයීය ආදී ශිෂ්‍ය නායක සංගමය සංවිධානයකර තිබූ එම තරගාවලිය මෙවර පැවැත්වුණේ 17 වැනි වරටයි.
දිවයිනේ ප්‍රමුඛතම පාසල් 16ක් නියෝජනය කරමින් කණ්ඩායම් තරගාවලිය සඳහා එක්වුණා.තරගාවලිය පැවැත්වුණේ සත්සාමාජික තරගාවලියක් ලෙසයි.
සහිරා 16 පාපන්දු තරගාවලියේ කුසලාන ශූරතාව සත්කාරක කොළඹ සහිරා විද්‍යාලය හිමිකර ගත්තේ අවසන් මහා තරගයේදී ඇලීතියා ජාත්‍යන්තර පාසල ගෝල 4ට 0ක් ලෙස පරාජයට පත්කරමින්.
අවසන් තරගයේ වීරයා ලෙස කොළඹ සහිරා විද්‍යාලයේ අබ්දුල් අසීස් සම්මාන දිනාගත්තා.තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා කොළඹ සහිරා විද්‍යාලයේ මුෆද්දල් සියාඩ්.
