පියාගේ වියෝව දරාගෙන රටට ජයගෙනා පුතා

තම පියාගේ වියෝව සිදුව තිබියදීත් තම රට වෙනුවෙන් ක්‍රීඩාකර තරග දිනවූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෙක් පිලිබඳ පුවතක් අපට වාර්තා වුණා.ඔහු නමින් පවන් රත්නායක.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර තරග තුනකින් යුත් තරගාවලියේ අවසන් තරගය ජයග්‍රහණය කරමින් තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද සමත් වුණා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති එම තරඟයේදී පන්දු 56කදී ලකුණු 85ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය පවන් රත්නායකගේ පියා ඊයේ රාත්‍රියේ ජීවතුන් අතරෙන් සමුගෙන තිබුණා.

තම පියාගේ වියෝව සිදුවී තිබියදී පවන් එම තරගයට සහභාගී වූ අතර ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ක්‍රීඩකයෝ ද ජයග්‍රහණයෙන් අනතුරුව සිය කණ්ඩායමේ මිතුරාගේ පියාණන්ට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා.

අද පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 223 ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

තම පියාගේ වියෝව සිතේ දරාගෙන තම රට වෙනුවෙන් ක්‍රීඩාකර තම කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යාමට තරම් පවන්ගේ සිත කෙතරම් ශක්තිමත් ඇතිද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *