චමරි ඔස්ට්‍රේලියාවේදීත් වැඩ පෙන්නයි

කාන්තා බිග්බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ පළමු තරගයේදීම සුවිශේෂී දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු සමත්වුණා.

සිඩ්නි තන්ඩර් කණ්ඩායම සහ සිඩ්නි සික්සර්ස් කණ්ඩායම අතර අද පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිඩ්නි තන්ඩර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 190ක් රැස්කළා.

එහිදී සිඩ්නි තන්ඩර් කණ්ඩායම වෙනුවෙන් සිය මංගල තරගයට සහභාගී වූ චමරි අතපත්තු පන්දු 39කදී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 52ක්.චමරිගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් ඇතුළත්.

ලකුණු 191ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 148ක් පමණයි.පන්දු යැවීමේදී චමරි අතපත්තු ලකුණු 20කට කඩුළු 3ක් දවාගත්තා.

චමරි පිත්තෙන් සහ පන්දුවෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන් ඇය තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන හිමිකර ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *