ශ්රී ලංකා – සිම්බාබ්වේ සියලු තරග කොළඹින් පිටට යයි
එළැඹෙන ජනවාරි මාසයේදී ශ්රී ලංකාවේ සංචාරයක නිරතවන සිම්බාබ්වේ ක්රිකට් පිල සමඟ පැවැත්වෙන සියලු තරග කොළඹින් පිටත ක්රීඩාංගණ දෙකකදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
එළැඹෙන ජනවාරි මාසයේදී ශ්රී ලංකාවේ සංචාරයක නිරතවන සිම්බාබ්වේ ක්රිකට් පිල සමඟ පැවැත්වෙන සියලු තරග කොළඹින් පිටත ක්රීඩාංගණ දෙකකදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
රොෂාන් රණසිංහ මහතාට අයත් දඹුල්ල යුරෝ නිපෝන් නැමැති පෞද්ගලික වාහන අංගනයේ තිබුණු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා කමකින් යුතු ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථයක් වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන 23 දින දඹුල්ල පොලිසියට භාරදී තිබෙනවා.
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඔස්ට්රේලියානු පොලිසිය සාධාරණ හේතු රහිතව චෝදනා ගොනුකර ඇති බව පවසමින් ඔහු වෙත නඩු ගාස්තු පිරිනැමීමට සිඩ්නි අධිකරණය අද නියෝග කර කළා.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්රීඩා අමාත්යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමේ වැඩිදුර විභාගය හෙට (24) දිනට කල් තැබුණා.
බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්රීඩක මාර්ලන් සැමුවෙල්ස්ට වසර 6ක ක්රිකට් තහනමක් පැනවීමට ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.
“මේ ලෝක කුසලානය කඩාකප්පල් කළෙත් ඇමති සහ ඔය ලෙජන්ඩ් කියන එක්කෙනයි තමයි. මම නම කියන්නේ නැහැ.. හැමෝම දන්නවා නේ.”
ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතාගේ හිටපු උපදේශක සහ ජාතික ක්රීඩා සභාවේ සාමාජික සුදත් චන්ද්රසේකර මහතා වත්මන් ක්රීඩා අමාත්යවරයාගේ ක්රියා කලාපය හෙළාදකිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එක්දින සහ T20 ක්රිකට් තරගවලදී කාලය නාස්ති කිරීම වැළැක්වීමට නව ක්රමවේදයක් හඳුන්වාදීමට ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
2024 වසරේ ශ්රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය මෙරට නොපවත්වා දකුණු අප්රිකාවේ පවත්වන බව ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය අද නිවේදනය කළා.
සමස්ත ඉන්දියානුවන්ගේම දෙනෙත් කඳුළින් තෙත් කරමින් 6 වැනි වරටත් එක්දින ලෝක කුසලාන තමන් සතුකර ගැනීමට ඕස්ටේලියානුවෝ ඊයේ (19 වැනිදා) සමත් වුණ.