ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඔස්ට්‍රේලියානු පොලිසිය සාධාරණ හේතු රහිතව චෝදනා ගොනුකර ඇති බව පවසමින් ඔහු වෙත නඩු ගාස්තු පිරිනැමීමට සිඩ්නි අධිකරණය අද නියෝග කර කළා.
ඒ අනුව ඔහුට ගාස්තු ලබාගත හැකිවන පරිදි සහතිකයක් නිකුත්කරන ලෙසත් විනිසුරුවරිය නියෝග කර තිබුණා.
2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඔස්ට්‍රෙිලියානු තරුණියකට ලිංගික අඩත්තේට්ටම් සිදු කිරීමේ චෝදනා අදාලව එරට අධිකරණයක් මගින් නිදොස් කොට නිදහස් කරනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු තීන්දුවට අදාළව තවත් තීන්දුවක් ලබා දී තිබෙනවා.
ඒ අනුව සිඩ්නි අධිකරණය තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඔස්ට්‍රේලියානු පොලිසිය සාධාරණ හේතු රහිතව චෝදනා ගොනුකර ඇති බවයි.
ඔහු වෙත අදාල නඩු ගාස්තු ගෙවීමට අධිකරණය නියෝග අද නියෝග කළා.
සාරා හගට් විනිසුරුවරිය එහිදි ප්‍රකාශ කළේ ධනුෂ්කට එරෙහිව සාක්ෂි සහ අනෙකුත් සියලු අදාළ කරුණු නිසි ඇගයීමට ලක් කළේ නම් මෙම නඩුව ගොනු නොකර සිටීමේ හැකියාවක් තිබු බවයි.
ධනුෂ්කට එරෙහිව ගොනුකළ චෝදනා සම්බන්ධයෙන් තමාට සැළකිය යුතු අවිනිශ්චිතභාවයක් පැවති බවත් ධනුෂ්ක වෙතින් අනාරක්ෂිත ලිංගික ක්‍රියාවකට ගොදුරුවූ බව කියන කාන්තාව තීරණාත්මක සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවත් විනිසුුරුවරිය ප්‍රකාශ කළා.
ඒ අනුව අවසානයේදී ධනුෂ්කට එරෙහිව එක් චෝදනාවක් යටතේ නඩු විභාගය පැවති අතර එම නඩු විභාගයෙන් ඔහු පසුගිය සැප්තැම්බරයේ නිදොස් කොට නිදහස් කෙරුණා.
ධනුෂ්කගේ නඩු ගාස්තු පිළිබඳ විභාගය සිඩ්නි අධිකරණයේ අද පැවති අතර ඒ අනුව ඔහුට ගාස්තු ලබාගත හැකිවන පරිදි සහතිකයක් නිකුත්කරන ලෙස විනිසුරුවරිය නියෝග කර තිබෙනවා.
