බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක මාර්ලන් සැමුවෙල්ස්ට වසර 6ක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.
ඒ එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධි වගන්ති උල්ලංගණය කළ බවට චෝදනා කරමින්.
බටහිර ඉන්දීය කොදෙව් හිටපු පිතිකරු මාර්ලන් සැමුවෙල්ස් එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී සංග්‍රහය යටතේ වැරැදි 4 කට වැරදිකරු බවට තීනිදු කළේ ඉකුත් අගෝස්තු මාසයේදීයි.
ඒ ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් විසින්.
2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී යි සැමුවෙල්ස්ට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් චෝදනා ගොනු කරනු ලැබුවා.
ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 2019 වසරේ පැවැති අබුඩාබි ටී 10 ලීග් තරගාවලියට අදාළවයි.
මාලන් සැමුවෙල්ස් 2000 වසරේ සිට 2018 වසර දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැදී සිටි අතර, එහිදී ඔහු ටෙස්ට් තරග 71කට, එක්දින තරග 207කට හා 20යි 20 තරග 67කට ක්‍රීඩා කළා.
ජාත්‍යන්තර පිටියේ දී ලකුණු 11,134ක් ලබා ඇති සැමුවෙල්ස් බිද හෙලා ඇති කඩුලු ගණන 152ක්.
බටහිර ඉන්දීය කොදවේ කණෟඩායම 20-20 ශූරතාවය දිනූ 2012 සහ 2016 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ද්විත්වයේම අවසන් මහා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේද මාර්ලන්සැමුවෙල්ස්ට.
