එක්දින සහ T20 ක්‍රිකට් තරගවලදී කාලය නාස්ති කිරීම වැළැක්වීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගයේදී මැතිව්ස්ගේ ටයිම් අවුට් දැවී යාම පිළිබද සැලකිල්ලට ගනිමින් සීමිත පන්දුවාර තරගවලදී කාලය නාස්ති කිරීම වැළැක්වීම සදහා මෙම පියවර ගෙන තිබෙනවා.
ක්‍රීඩා කිරීමේ වේගය නියාමනය කිරීම සඳහා ඒ අනුව විරාම ඝටිකාව භාවිත කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගැනීමට නියමිතයි.
පන්දු ඕවර දෙකක් අතර ගතවන කාලය ඒ අනුව නියාමනය කෙරෙනවා.
2023 දෙසැම්බර් සහ 2024 අප්‍රේල් අතර කාලය තුළ මෙම ක්‍රමවේදය අත්හදාබැලීමට නියමිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ.
ICC නිවේදන කරන ආකාරයට එම නීතිය පෙර එක් පන්දු ඕවරය නිමා කර විනාඩියක් ඇතුළත ඊළඟ ඕවරය යැවීමට පන්දු රකින කණ්ඩායම සූදානම් නැතිනම්, එය ඉනිමක තුන්වැනි වරක් සිදුකළ විට ලකුණු 5ක දඩයක් පනවනු ඇති.
