ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමේ වැඩිදුර විභාගය හෙට (24) දිනට කල් තැබුණා.
ඊයේ දිනයේදි මෙම පෙත්සම් සලකා බැලුණු අතර පෙත්සම් සලකා බැලීම අදට කල් දමා තිබුණා.
මෙම පෙත්සම අද (23) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලීමට කැඳවනු ලැබූ අතර එහිදී ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා කරුණු ඉදිරිපත් කළා.
ඉන් අනතුරුව වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීම හෙට දින තෙක් කල් තැබුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
