ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් පත්කර තිබෙනවා.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් එම කවුන්සිලය සඳහා සාමාජිකයින් 15ක් පත්කර ඇති බවයි ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කළේ.
එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර්ව පත්කර තිබෙනවා.
මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගයි.
ජාතික තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කර තිබෙනවා.

