තේරීම් කමිටුවේ නව සභාපති උපුල් තරංග

නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් මෙම තේරීම් කමිටුව පත්කරන බවයි.

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රීඩාව යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

කෙසේ වෙතත් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන්ගේ නම් මෙතෙක් නිවේදනය කර නොමැත.

මීට පෙර තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *