මෙරට දක්ෂතම ක්‍රීඩික ක්‍රීඩිකාවන් 8කට විදෙස් ශිෂ්‍යත්ව

වසර 2022 ජනවාරි මාසයේ සිට 2024 අගෝස්තු මාසය දක්වා විවිධ කාණ්ඩ යටතේ මේ මුදල් මාසිකව ලබා දීමට ජාතික ඔලිම්පික් කමිටුව පියවර ගෙන ඇති අතර, මෙමඟින් පැරිස් ඔලිම්පික් උලෙළ ඉලක්ක කොට අවශ්‍ය පුහුණුවීම් පවත්වාගෙන යෑම හා එම ක්‍රීඩා උලෙළට පෙර ජාත්‍යන්තර ක්‍රීඩා තරග නියෝජනය කිරීම මේ මුදල් ප්‍රතිපාදන මඟින් සිදු කර ගත යුතුව තිබෙනවා.

ක්‍රීඩා 8ක් යටතේ ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් මේ මුදල් ලබාදී ඇති බවත්, මේ මුදල් කිසිදු ප්‍රමාදයකින් තොරව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු කටයුතු උදෙසා මාසිකව ලබා දීමට කටයුතු යොදා ඇති බවත්, ජාතික ඔලිම්පික් මාධ්‍ය කමිටු සභාපති හා ඔලිම්පික් කමිටු භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ මහතා පැවසුවේ.

පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ලබන වසරේ ජූලි මාසය දක්වා ඇති හෙයින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අදාළ ක්‍රීඩා සංගම් මඟින් හඳුනාගෙන මේ මුදල් ආධාර ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාවට නඟා ඇතැයි ජයසිංහ මහතා පැවසුවා.

ලබන වසරේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් ක්‍රීඩා වරම් අපේක්ෂාවෙන් සිටින
බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානයක (මාසිකව අ.ඩො. 850),
ජූඩෝ ක්‍රීඩක රජිත පුෂ්පකුමාර (මාසිකව අ.ඩො. 1000),
ටේබල් ටෙනිස් ක්‍රීඩිකා ඉෂාරා මධුරංගි (මාසිකව අ.ඩො. 1000),
බැඩ්මින්ටන් ක්‍රීඩිකා තිළිණි හෙන්දහේවා (මාසිකව අ.ඩො. 500),
මලල ක්‍රීඩිකා ඩිල්ෂි කුමාරසිංහ (මාසිකව අ.ඩො. 1000),
බැඩ්මින්ටන් ක්‍රීඩිකා රනිත්මා ලියනගේ (මාසිකව අ.ඩො. 500),
මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා (මාසිකව අ.ඩො. 1150)
ටයිකොන්ඩෝ ක්‍රීඩක සම්පත් ලියනගේ (මාසිකව අ.ඩො. 1700)

යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් ශිෂ්‍යත්ව ලබමින් පුහුණුවීම් කටයුතුවල යෙදී සිටිනවා.

එයට අමතරව මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් වෙනුවෙන් රුපියල් මිලියනයක්, වෙඩි තැබීමේ ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙලගේ ක්‍රීඩා උපකරණ වෙනුවෙන් ලක්ෂ 6ක මුදලක්, බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්නගේ සුදුසුකම් ලැබීමේ විදෙස් තරග උදෙසා ලක්ෂ 18ක් හා ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධනගේ කොසෝවෝ විදෙස් පුහුණුව සඳහා පමණක් රුපියල් ලක්ෂ 6ක මුදලක් ජාතික ඔලිම්පික් කමිටුව පසුගිය ඔලිම්පික් උලෙළ වෙනුවෙන් ලබාදී තිබුණා.

ලබන වසරේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උලෙළ ඉලක්ක කර ගනිමින් ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාවේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8කට ශිෂ්‍යත්ව ලෙස අමෙරිකානු ඩොලර් 238700ක මුදලක් (රුපියල් හත්කෝටි අසූ පන් ලක්ෂ තිස් දෙදහසක්) ලබා දීමට කටයුතු යොදා තිබෙනවා.

වසර 2022 ජනවාරි මාසයේ සිට 2024 අගෝස්තු මාසය දක්වා විවිධ කාණ්ඩ යටතේ මේ මුදල් මාසිකව ලබා දීමට ජාතික ඔලිම්පික් කමිටුව පියවර ගෙන ඇති අතර, මෙමඟින් පැරිස් ඔලිම්පික් උලෙළ ඉලක්ක කොට අවශ්‍ය පුහුණුවීම් පවත්වාගෙන යෑම හා එම ක්‍රීඩා උලෙළට පෙර ජාත්‍යන්තර ක්‍රීඩා තරග නියෝජනය කිරීම මේ මුදල් ප්‍රතිපාදන මඟින් සිදු කර ගත යුතුව තිබෙනවා.

ක්‍රීඩා 8ක් යටතේ ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් මේ මුදල් ලබාදී ඇති බවත්, මේ මුදල් කිසිදු ප්‍රමාදයකින් තොරව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු කටයුතු උදෙසා මාසිකව ලබා දීමට කටයුතු යොදා ඇති බවත්, ජාතික ඔලිම්පික් මාධ්‍ය කමිටු සභාපති හා ඔලිම්පික් කමිටු භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ මහතා පැවසුවේ.

පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ලබන වසරේ ජූලි මාසය දක්වා ඇති හෙයින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අදාළ ක්‍රීඩා සංගම් මඟින් හඳුනාගෙන මේ මුදල් ආධාර ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාවට නඟා ඇතැයි ජයසිංහ මහතා පැවසුවා.

ලබන වසරේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් ක්‍රීඩා වරම් අපේක්ෂාවෙන් සිටින
බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානයක (මාසිකව අ.ඩො. 850),
ජූඩෝ ක්‍රීඩක රජිත පුෂ්පකුමාර (මාසිකව අ.ඩො. 1000),
ටේබල් ටෙනිස් ක්‍රීඩිකා ඉෂාරා මධුරංගි (මාසිකව අ.ඩො. 1000),
බැඩ්මින්ටන් ක්‍රීඩිකා තිළිණි හෙන්දහේවා (මාසිකව අ.ඩො. 500),
මලල ක්‍රීඩිකා ඩිල්ෂි කුමාරසිංහ (මාසිකව අ.ඩො. 1000),
බැඩ්මින්ටන් ක්‍රීඩිකා රනිත්මා ලියනගේ (මාසිකව අ.ඩො. 500),
මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා (මාසිකව අ.ඩො. 1150)
ටයිකොන්ඩෝ ක්‍රීඩක සම්පත් ලියනගේ (මාසිකව අ.ඩො. 1700)

යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් ශිෂ්‍යත්ව ලබමින් පුහුණුවීම් කටයුතුවල යෙදී සිටිනවා.

එයට අමතරව මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් වෙනුවෙන් රුපියල් මිලියනයක්, වෙඩි තැබීමේ ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙලගේ ක්‍රීඩා උපකරණ වෙනුවෙන් ලක්ෂ 6ක මුදලක්, බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්නගේ සුදුසුකම් ලැබීමේ විදෙස් තරග උදෙසා ලක්ෂ 18ක් හා ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධනගේ කොසෝවෝ විදෙස් පුහුණුව සඳහා පමණක් රුපියල් ලක්ෂ 6ක මුදලක් ජාතික ඔලිම්පික් කමිටුව පසුගිය ඔලිම්පික් උලෙළ වෙනුවෙන් ලබාදී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *