ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහව ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත නොවැම්බර් 21 වැනිදා කැඳවා තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත දැනුම්දී ඇත්තේ තේරීම් කමිටු සභාපතිවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසයි.
පසුගිය 13වනදා ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ රූපවාහිනී නාලිකාවක් සමග සංවාදයකට එක්වෙමින් ක්‍රිකට් පරිහාණයට හේතු වූ කරුණු රැසක් පිළිබද ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණ කළා.
එම නිවේදනයේ තරඟ පවාදීමේ සූදුවේ නිරත පිරිස් ක්‍රිකට් ක්‍රීඩාව බිඳ වැට්ටවීමට උත්සාහ දැරූ බව සහ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයන් ගෙන යාමට ඇතැම් පිරිස් විශාල වශයෙන මුදල් ආයෝජනය කළ බව සඳහන් වනවා.
අනතුරුවයි අමාත්‍යවරයා ඒ පිළිබද පරික්ෂණයක් සිදු කරන ලෙස ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත දන්වනු ලැබුවේ.
