කැබිනට් අනුකමිටුව ICCය සමග රැස්වීමක් ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර තිබෙනවා.

අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ එම ඉල්ලීම කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් පත්කළ කැබිනට් අනුකමිටුව විසින් බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව එම කැබිනට් අනුකමිටුව පත් කළා.

එම කමිටුවට ටිරාන් අලස්, මනුෂ නානායක්කාර, කංචන විජේසේකර යන අමාත්‍යවරුන්ද ඇතුළත්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රශ්නය විසඳීම සඳහා පක්ෂ විපක්ෂ භේද අතහැර පාර්ලිමේන්තුවේ සියලුදෙනා එක්විය යුතු බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *