ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් 2019 අංක 24 දරන ක්‍රීඩාවට සම්බන්ධ වැරදී වැළැක්වීමේ පනත ප්‍රකාරව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකය වෙත දැනුම් දී තිබෙනවා.
ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පසුගිය 13වනදා නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශයකට අදාළව අමාත්‍යවරයා මෙම දැනුම්දීම සිදු කළ බවයි ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.
එමගින් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශයට අනුව තරග පාවාදීම, දූෂණය, නීතිවිරෝධී මෙහෙයවීම සහ නීති විරෝධි ඔට්ටු ඇල්ලීම සම්බන්ධිත කාරණා පිළිබඳ ඔහු දන්නා බවට කරන ලද ප්‍රකාශය බරපතළ බවයි.
එම නිවේදනය පහතින්…

