කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉතා තියුණු සටනකින් අනතුරුව දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කළ ඕස්ට්‍රේලියාව, මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තා.
ඒ අනුව එළබෙන 19 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී ඉන්දියාවට එරෙහිව ඕස්ට්‍රේලියාව තරග බිමට පිවිසෙනු ඇති.
පස්වරක් එක්දින ලෝක ශූරයන් බවටත්, දෙවරක් අනු ශූරයන් බවටත් පත්ව සිටින සිටින ඕස්ට්‍රේලියාව, එක්දින ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ 8 වැනි අවස්ථාව මෙය වනවා.
එමෙන්ම දකුණු අප්‍රිකාව ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවූ පස්වැනි අවස්ථාවද මෙයයි.
මින් පෙර 1999 සහ 2007 වසරවලදීද ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වීම හේතුවෙන් දකුණු අප්‍රිකාවට අවසන් මහ තරගයට පිවිසීමේ අවස්ථාව අහිමි වුණා.
ලකුණු පුවරුව පහතින්..

