ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්ත කණ්ඩායම්වල සහභාගිත්වයෙන් එක්දින ක්‍රිකට් තරගාවලියක් පාකිස්තානයේ සත්කාරකත්වයෙන් ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තුන්කොන් එක්දින තරගාවලියට අමතරව ශ්‍රී ලංකාව කණ්ඩායම පාකිස්තානය සමග 20-20 සහ ටෙස්ට් තරගාවලියකටද සහභාගිවීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ තරග කාලසටහන පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ නිකුත් කළා.
එම නිවේදනයේ දැක්වුණේ ශ්‍රී ලංකාව පාකිස්තාන තරග සංචාරයේදී තුන්කොන් එක්දින තරගාවලියකට, 20-20 තරගාවලියකට සහ ටෙස්ට් තරග 2කට සහභාගිවීමට නියමිත බවයි.
ශ්‍රී ලංකාව පාකිස්තාන තරග සංචාරයේදී 20-20 තරග 3කට සහභාගිවීමට නියමිත අතර එම තරග තුන ඔක්තෝබර් 9, 11 සහ 13 රාවල්පින්ඩ් හිදි පැවැත්වෙනවා.
අන්‍තුරුව තුන්කොන් එක්දින තරගාවලිය පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම්වල සහභාගිත්වයෙන් ඔක්තෝබර් 18 වැනදා සිට ඔක්තෝබර් මස 31වැනිදා දක්වා රාවල්පින්ඩි සහ ලාහෝර් හිදි පැවැත්වීමට නියමිතයි.
එහිදී එක් කණ්ඩායමක් මූලික වටයේදී තරග දෙකකට සහභාගි වනවා.
තුන්කොන් එක්දින තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර පළමු ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා පිල නොවැම්බර් මස 4 වැනිදා ඉස්ලාමාබාද් හිදි තුන්දින පුහුණුතරගයකට සහභාගි වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් තරගය නොවැම්බර් මස 9 වැනිද රාවල්පින්ඩි හිදි ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් මස 17 වැනිදා ලාහොර් හිදි පැවැත්වෙනවා.
