චමරිලාගේ බලාපොරොත්තු සුන්වෙයිද ?

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවූ සිව්වන තරගය ජයගනිමින් අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා තවදුරටත් බලාපොරොත්තුවක් රඳවා ගැනීමට සමත්ව සිටිනවා.

ස්කොට්ලන්තය සමඟ තරගය ශ්‍රී ලංකාව ඊයේ කඩුලු 3කින් ජයගත්තා.

මැන්චෙස්ටර්හීදි තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ස්කොට්ලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 151ක්.

සාරා බ්‍රෙියිස් පන්දු 33කින් නොදැවි ලකුණු 47ක් රැස්කළා.

ඩාසි කාටර් ලකුණු 34යි.

පන්දු යැවීමේදී මිතාලි අයෝධ්‍යා ලකුණු 34 ට කඩුලු 3ක් දවාගත්තා.

සුගන්දිකා කුමාරි සහ කවීෂා දිල්හාරි එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ලකුණු 152ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයට ලකුණු 7ක ඉලක්කයක් හිමිවුණා.

නිලක්ෂිකා සිල්වා සහ සුගන්ධිකා කුමාරි අවසන් පන්දුවාර වෙනුවෙන් කඩුල්ලේ රැඳී සිටි අතර රැචෙල් ස්ලැටර් ස්කොට්ලන්තය වෙනුවෙන් එම පන්දුවාර ක්‍රියාත්මක කළා.

රැචෙල් ස්ලැටර් යොමුකළ අවසන් පන්දුවාරයේ පළමු පන්දු 3ට ශ්‍රී ලංකා පිතිකාරිණියන් රැස්කළේ ලකුණු 4ක් පමණයි.

නමුත් ස්ලැටර් ආබාධයකට ලක්වීම නිසා පිිටියෙන් ඉවත්වීමට සිදුවු අතර අවසන් පන්දු 3 ට ලකුණු 3ක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වුණා.

අවසන් පන්දුවට ලකුණු 4ක් එල්ල කළ සුගන්ධිකා ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක් ගෙන දුන්නා.

ඒ ජයත් සමඟ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 6ක් ලබාගෙන දෙවන ඛාන්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයට පැමිණියා.

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමට නම් නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැත්වෙන තරගයෙන් නවසීලන්තය පරාජය විය යුතු අතර අයර්ලන්තය විසින් බටහිර ඉන්දීය කොදෙව්වන් කණ්ඩායම පරාජය කළ යුතුයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව හිමිවනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *